IMG-LOGO

2026 අගෝස්තු මස 24 වන සඳුදා


ලීසිං විසඳුම් වැඩිදියුණු කිරීමට ජනශක්ති ෆිනෑන්ස් කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් අවබෝධතා ගිවිසුමක

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී, රට පුරා විසිරී සිටින ලීසිං ගනුදෙනුකරුවන්ට පරිපූර්ණ රක්ෂණ විසඳුම් පිරිනැමීමේ අරමුණින් කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Continental Insurance Lanka Limited) සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. මෙම ගිවිසුම හේතුවෙන් මින් ඉදිරියට ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ ගනුදෙනුකරුවන්ට කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් වෙතින් විශ්වාසනීය රක්ෂණ විසඳුම් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. මෙමඟින් එම ගනුදෙනුකරුවන්ට සවිමත් මූල්‍ය රැකවරණයක් හිමි වන අතර, සමාගම කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසයද තවදුරටත් වර්ධනය වනු ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී එස්. ශ්‍රී ගනේන්ද්‍රන්, ණය සහ මෙහෙයුම් අංශ ප්‍රධානී ප්‍රභාත් ද සිල්වා, නාලිකා ප්‍රධානී සමින්ද රත්නායක සහ සේවා ප්‍රධානී ඒඩ්‍රියන් ෂොක්මන් යන මහත්වරුන්ද, කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (CILL),  නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී ජෙරී ගුණදාස, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (විකුණුම් සහ අලෙවි) උපුල් බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (සාමාන්‍ය රක්ෂණ) සුගුණතීරන් දනන්චයන්, සාමාන්‍යාධිකාරී (ආයතනික ජීවිත රක්ෂණ සහ මූල්‍ය සේවා)  ප්‍රබෝධ ජයසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (රථවාහන ප්‍රාරක්ෂණ) ඉඳුනිල් ජයශංක සහ කළමනාකරු (මූල්‍ය අවදානම් රක්ෂණ) චලක එදිරිසිංහ යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.



අදහස් (0)

ලීසිං විසඳුම් වැඩිදියුණු කිරීමට ජනශක්ති ෆිනෑන්ස් කොන්ටිනෙන්ටල් ඉන්ෂුවරන්ස් අවබෝධතා ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site