IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ලීසිං පහසුකම් පුළුල් කිරීමට NDB බැංකුව - යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් හවුලක්

NDB  බැංකුව පසුගිය දිනෙක යුනයිටඩ් මෝටර්ස් ලංකා පී.එල්.සී. සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් ලිමිටඩ් සමාගම සමග අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹුණු අතර ඒ හරහා පාරිභෝගිකයන්ට දැරිය හැකි මිල ගණන් යටතේ නම්‍යශීලී රථ වාහන ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව හිමිකර දෙයි. මෙම හවුල්කාරිත්වයෙන් යුනිමෝ සමාගමේ ජාත්‍යන්තරව පිළිගත් වෙළෙඳනාමවල විවිධ රථ වාහන මාදිලි සඳහා ලීසිං අවස්ථා පුළුල් කිරීමට නියමිතය.
මෙම හවුල්කාරිත්වය යටතේ, වෘත්තිකයන් සහ පළමු වරට වාහන මිලදී ගන්නන් සඳහා නිර්මාණය කර ඇති Perodua, DFSK, JMEV  සහ JMC මාදිලි ඇතුළු මගී වාහන සඳහා NDB බැංකුවේ ගනුදෙනුකරුවන්ට විශේෂයෙන් සකස් කරන ලද ලීසිං පහසුකම් භුක්ති විඳිය හැකිය. ඉක්මන් අනුමැතිය, අවම ලියකියවිලි අවශ්‍යතා සහ නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම් සමගින්, NDB බැංකුව වාහන මිලදී ගැනීම සඳහා සුව පහසු වටපිටාවක් සලසයි.
මෙම සහයෝගිතාව ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සැපයුම් අංශ සවිබල ගැන්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන JMC සැහැල්ලූ වාණිජ වාහන වැනි වාහන සඳහා ද ව්‍යාප්ත වේ. NDB බැංකුවේ විශේෂිත මූල්‍යකරණ ව්‍යුහ මගින් ව්‍යවසායකයන්ට සහ කුඩා ව්‍යාපාරවලට මෙහෙයුම් ශක්තිමත් කිරීමට සහ විශ්වාසදායක සහ ලාබදායී ප‍්‍රවාහන විසඳුම් සමගින් වැඩි කාර්යක්ෂමතාවක් අත්කර ගැනීමට හැකියාව හිමිවේ.
‘යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් ආයතනය සමග අපගේ මෙම හවුල්කාරිත්වය හරහා පුළුල් පරාසයක ගනුදෙනුකරුවන් සඳහා මූල්‍ය ප‍්‍රවේශය ව්‍යාප්ත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. විශ්වාසදායක මගී රථ වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පෞද්ගලික ගනුදෙනුකරුවන් හෝ වාණිජ ප‍්‍රවාහන විසඳුම් සොයන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට NDB බැංකුවේ ලීසිං පැකේජ සුවිශේෂීව නිර්මාණය කර ඇත්තේ මිලදී ගැනීම් වඩාත් පහසු සහ වේගවත් කිරීම සඳහායි” යනුවෙන් NDB බැංකුවේ ලීසිං අංශයේ සහකාර උප සභාපති දිලූම් අමරසිංහ මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.



අදහස් (0)

ලීසිං පහසුකම් පුළුල් කිරීමට NDB බැංකුව - යුනිමෝ එන්ටර්ප‍්‍රයිසස් හවුලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site