ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ විවිධ ආහාර රුචිකත්වයට සහ අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වමින්, Keells සිය ජාත්‍යන්තර ආහාරපාන නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කර ඇත. මෙම පියවර හරහා ආහාර සකස් කිරීම සහ රසගැන්වීම සඳහා ලොව පුරා භාවිත වන ජනප්‍රිය නිෂ්පාදන සහ ජාත්‍යන්තර සන්නාම රැසක් මෙරට පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබාගත හැකි වේ.
කුළුබඩු, කරි පේස්ට්, පැස්ටා, සෝස් වර්ග සහ විවිධ ඉවුම් පිහුම් අමුද්‍රව්‍ය රැසකින් සමන්විත මෙම නිෂ්පාදන එකතුව, පාරිභෝගිකයන්ට සිය සුපුරුදු ආහාර වේල් සඳහා නව රස එක් කරගැනීමට මෙන්ම විවිධ ජාත්‍යන්තර ආහාර වට්ටෝරු නිවසේදීම අත්හදා බැලීමටද අවස්ථාව සලසයි.
ඉන්දියානු ආහාර රසයට ප්‍රිය කරන පාරිභෝගිකයන් වෙනුවෙන් Keells සිය ජාත්‍යන්තර ආහාරපාන එකතුවට උතුරු සහ දකුණු ඉන්දියානු ආහාර නිෂ්පාදන රැසක් එකතු කර ඇත. Butter Chicken, Paneer Tikka Masala සහ බිරියානි වැනි ජනප්‍රිය ආහාර නිවසේදීම පහසුවෙන් පිළියෙළ කරගැනීමට අවශ්‍ය රසකාරක සහ අමුද්‍රව්‍ය ‘Suhana’ සන්නාමය යටතේ ලබාගත හැකි අතර, ‘Sakthi’ සන්නාමය හරහා දකුණු ඉන්දියානු කුළුබඩු සහ විශේෂ පපඩම් වර්ගද ඇත.
තායි ආහාර රසයන්ට ප්‍රිය කරන පාරිභෝගිකයන් වෙනුවෙන් Keells සිය ජාත්‍යන්තර ආහාරපාන එකතුවට තායි ආහාර පිළියෙල කිරීමට අවශ්‍ය නිෂ්පාදන රැසක් එක් කර ඇත. ‘Kanokwan’ සන්නාමය යටතේ Red, Green, Massaman සහ Penang කරි මිශ්‍රණ, සෝස් වර්ග සහ රසකාරක ලබාගත හැකි අතර, ‘Flying Goose’ සන්නාමයේ Sriracha සෝස් පෙළ සහ ‘Thai Choice’ සන්නාමයේ Rice Papers, Sambal Oelek සහ නූඩ්ල්ස් වර්ගද මෙම එකතුවට ඇතුළත් වේ. මෙම නිෂ්පාදන හරහා තායි ආහාරවලට ආවේණික රස නිවසේදීම පහසුවෙන් අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ.
ඉතාලි ආහාර රසයන්ට ප්‍රිය කරන පාරිභෝගිකයන් වෙනුවෙන් Keells සිය ජාත්‍යන්තර ආහාරපාන එකතුවට ඉතාලි නිෂ්පාදන රැසක් එක් කර ඇත. ශ්‍රී ලංකාවේ Keells වෙතින් පමණක් ලබාගත හැකි ‘De Cecco’ සන්නාමයේ පැස්ටා, සෝස් වර්ග සහ ග්ලූටන් රහිත විකල්ප මෙන්ම, සෘජුවම ආනයනය කරන ලද ‘Basso’ ඔලිව් තෙල් වර්ගද ඊට ඇතුළත් වේ. තවද, ‘Campo D’Oro’ සන්නාමයේ සෝස්, Pesto සහ ඔලිව් නිෂ්පාදනද මෙම එකතුවට ඇතුළත් වන අතර, එමගින් පාරිභෝගිකයන්ට නිවසේදීම විවිධ ඉතාලි ආහාර වර්ග පිළියෙල කිරීමට අවශ්‍ය නිෂ්පාදන රැසක් පහසුවෙන් ලබාගත හැකිය.
තවද ‘Week of Italian Cuisine in the World 2026’ වැඩසටහනට සමගාමීව, Keells විසින් Italian Trade Agency සහ කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය සමග එක්ව ඉතාලි ආහාර සංස්කෘතිය ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට වඩාත් සමීප කිරීමට ද පියවර ගෙන තිබේ. නොවැම්බර් 13 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැති මෙම වැඩසටහන යටතේ, තෝරාගත් Keells සුපිරි වෙළෙඳසල් 11ක විශේෂ ඉතාලි ආහාර කුටි සහ ආහාර රසබැලීමේ වැඩසටහන් සංවිධානය කෙරිණි. එමගින් පාරිභෝගිකයන්ට ඉතාලි ආහාර සංස්කෘතියට ආවේණික රසයන් සෘජුවම අත්විඳීමට අවස්ථාව හිමි විය.
මෙම ජාත්‍යන්තර ආහාරපාන එකතුවේ සුවිශේෂත්වය වන්නේ, එය හුදෙක් නිෂ්පාදන තේරීම් රැසක් ලබාදීමට පමණක් සීමා නොවී, පාරිභෝගිකයන්ට නව රසයන් අත්විඳීමට සහ නිවසේදීම විවිධ ආහාර වට්ටෝරු අත්හදා බැලීමට අවස්ථාව සැලසීමයි. තායි කරි පේස්ට් වර්ගයක් භාවිතයෙන් සුපුරුදු රාත්‍රී ආහාර වේලට වෙනස්ම රසයක් එක් කළ හැකි අතර, පැස්ටා වර්ගයක් හරහා පවුලේ සැමට රසවත් ආහාර වේලක් පිළියෙල කරගත හැකිය. එමෙන්ම, විවිධ කුළුබඩු මිශ්‍රණ මගින් මින් පෙර අත්හදා නොබැලූ නව ආහාර වට්ටෝරු නිර්මාණය කිරීමටද පාරිභෝගිකයන්ට අවස්ථාව හිමි වේ.
පවුලේ සියලු සාමාජිකයන්ට, විශේෂයෙන් දරුවන්ට, නව ආහාර රසයන් හඳුන්වා දීමට මෙම නිෂ්පාදන එකතුව කදිම අවස්ථාවක් සලසයි. කාර්යබහුල වෘත්තිකයන්ට සිය දෛනික ආහාර වේල් සඳහා නව රසයන් එකතු කරගැනීමටත්, ඉවුම් පිහුම් පිළිබඳ පළපුරුදු පුද්ගලයන්ට සහ සූපශාස්ත්රයට ඇලුම් කරන්නන්ට විවිධ ආහාර සංස්කෘතීන් ඇසුරෙන් නව ආහාර වට්ටෝරු අත්හදා බැලීමටත් මේ හරහා අවස්ථාව උදා වේ.
සමස්තයක් ලෙස ගත් කල, මෙම පියවර හුදෙක් විදේශීය ආහාර නිෂ්පාදන මෙරට වෙළෙඳසල් වෙත හඳුන්වා දීමට පමණක් සීමා නොවී, ලොව පුරා විවිධ ආහාර සංස්කෘති සහ රස ශ්‍රී ලාංකීය නිවෙස්වලට සමීප කිරීමේ වැදගත් ප්රයත්නයකි. නව සංස්කෘතියක් අත්විඳීමට සෑම විටම විදේශ සංචාරයක නිරත වීම අවශ්‍ය නොවේ. ඇතැම් විට ඒ සඳහා අවශ්‍ය වන්නේ අලුත් රසයක්, නව ආහාර වට්ටෝරුවක් සහ වෙනස් අත්දැකීමක් ලබාගැනීමට ඇති උනන්දුව පමණි.
ලොව පුරා රස කෑම මේසයට ගෙන එන Keells