IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


ලැයිස්තුගත සමාගම් තුනක් කොටස් අතුරු බෙදීමකට සැරසෙයි

 


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ACL Plastics PLC, ACL Cables PLC සහ Kelani Cables PLC යන සමාගම් සිය කොටස් අතුරු බෙදීමක් සඳහා සැලසුම් කර ඇතැයි පවසයි. අදාළ සමාගම් තුනෙහිම අධ්‍යක්ෂ මණ්ඩල ඊට අදාළ අනුමතීන් ලබා දී තිබේ.

මෙහිදී ACL Plastics සමාගම, මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම සාමාන්‍ය කොටස් 10ක් ලෙස බෙදීමක් සිදු කරයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 4,212,500ක ප්‍රමාණය කොටස් 42,125,000ක් දක්වා ඉහළ යයි.

එසේම ACL Cables PLC සමාගම, මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම සාමාන්‍ය කොටස් 03ක් ලෙස බෙදීමක් සිදු වෙයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 239,574,720ක ප්‍රමාණය 718,724,160ක් දක්වා ඉහළ යයි. 

මීට අමතරව Kelani Cables PLC සමාගම මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක්ම සාමාන්‍ය කොටස් 10ක් ලෙස බෙදීමක් සිදු වෙයි. ඒ අනුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 21,800,000ක ප්‍රමාණය 218,000,000ක් දක්වා ඉහළ යාමට නියමිතව තිබේ. 

මෙහිදී අදාළ කොටස් අතුරු බෙදීම් හේතුවෙන් එම සමාගම්හි ප්‍රකාශිත ප්‍රාග්ධනවල වෙනසක් සිදු නොවන බවත්, අලු‍තින් එකතු වන මෙම කොටස්ද දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සමගින් එක සමානව කාණ්ඩ කෙරෙන බවත් සමාගම් පවසයි. කෙසේ වෙතත් මෙම කොටස් අතුරු බෙදීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වල කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවද එම සමාගම් පවසයි.

 



අදහස් (0)

ලැයිස්තුගත සමාගම් තුනක් කොටස් අතුරු බෙදීමකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site