IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලාබ සොයන ගනුදෙනුකරැවෝ වාර්තා ආපසු හරවති

ගනුදෙනු දින දහයකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශන සැලකිය යුතු පිරිහීමක් වාර්තා කර තිබේ. ලාබ උපයාගැනීම අරමුණු කරගෙන කොටස් විකිණීමට දේශීය සුළු ආයෝජකයන් උත්සුක වූ අතර එය වර්ධනයක් සඳහා තිබුණ නැඹුරුව පරාජය කරන ලද බව සඳහන් කළ හැකිය. විදේශ ආයෝජකයෝ ද කොටස් විකිණීමෙහි නිරතය. සියලු කොටස් මිල සහ ඉසුරුමත් සමාගම් වල දර්ශකය ගනුදෙනු ආරම්භයේ සිට ක්‍රමානුකූලව පහත වැටුණ අතර කෙසේ වෙතත් විකුණුම් පහසුවෙන් ලබාගත හැකි පසුබිමක් ද නිරීක්ෂණය වූයේ නැත. තව දුරටත් වර්ධනය වන පෙරනිමිති තිබුණ නමුත් ලාබ සහිත කොටස් විකිණීමේ ප්‍රවණතාව දර්ශක කෙරෙහි තියුණු බලපෑමක් වූ බව දැක්වේ.

ලංකා දුම්කොළ කොටසකට රු. 37.00 ක් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. ගනුදෙනුවල දී කොටසක මිල රු. 1,699.00 දක්වා රුපියලකින් මිල වැඩි වී තිබුණි. 

ඊයේ (ඔක් 12) ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,461.46 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 198.24 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,458.15 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 99.45 ක පහළ යාමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 6.42 කි. ගනුදෙනු 41,905 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 167.8 ක් විය. සමාගම් 113 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 151 කි. 

ප්‍රවාහන, ප්‍රවාහන, පාරිභෝගික ද්‍රව්‍ය, සිල්ලර වෙළෙඳාම, ගෘහ මෙවලම්, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සහ උපයෝගීතා යන ක්ෂේත්‍රවල වර්ධනයක් විය. බලශක්ති, ප්‍රාග්ධන භාණ්ඩ, වාණිජ සේවා, රථවාහන, ආහාරපාන, බැංකු සහ රක්ෂණ ඇතුළු ක්ෂේත්‍රවලට අදාළ සමාගම්වල කොටස් මිල පහළ ගියේය. විදේශ මිල දී ගැනීම් රු. මිලියන 279.4 ක් වූ අතර විදේශ විකිණීම් රු. මිලියන 1.068.1 කි. ශුද්ධ ආදායම් අහිමිවීමක් රු. මිලියන 789 ක් වශයෙන් දැක්වේ. අඛණ්ඩව පවතින විකිණීම් විදේශ සහභාගීත්වයෙහි දුබල බව දක්වයි. 

තෝකියෝ සිමෙන්ති රු. මිලියන 700 ක්, හවුසිං ඩිවෙලොස්මන්ට් ෆිනෑන්ස් රු. මිලියන 646 ක් ආදී වශයෙන් වැඩිම පිරිවැටුමක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

ලාබ සොයන ගනුදෙනුකරැවෝ වාර්තා ආපසු හරවති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site