IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


ලිබර්ටි ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට්ස් ‘‘ස්කෝප් සිනෙමාස්’’ අත්පත් කර ගනී

මෙරට ප්‍රමුඛතම සිනමා සහ විනෝදාස්වාදන සන්නාමයක් වන ‘‘ස්කෝප් සිනෙමාස්’’ හි හිමිකාරීත්වය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට ලිබර්ටි ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට්ස් සමාගම සමත් වූ බව පවසයි. අද වනවිට හැව්ලොක් සිටි මෝල් හි පිහිටි ස්කෝප් සිනෙමාස් මල්ටිප්ලෙක්ස්, කලම්බු සිටි සෙන්ටර්හි පිහිටි ස්කෝප් සිනෙමාස් මල්ටිප්ලෙක්ස්, කොල්ලු‍පිටියේ ස්කෝප් සිනෙමාස් සහ කිරිබත්ගොඩ පිහිටි ලිබර්ටි බයි ස්කෝප් සිනෙමාස් යන සිනමාශාලා මෙම ‘‘ස්කෝප් සිනෙමාස්’’ සන්නාමය යටතට අයත්ය.
ඒ අනුව මෙම අත්පත් කරගැනීම සමූහයෙහි වඩාත් පුළුල් ප්‍රතිව්‍යුහගත කිරීම සහ දිගුකාලීන ක්‍රමෝපායික දැක්ම යටතේ සිදුව ඇත.
මේ අතර මෙම අත්පත් කරගැනීමත් සමගින්ම මෙතෙක් කලක් ස්කෝප් සිනෙමාස්හි ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තුෂාන් රංගන මීමනගේ මහතා පසුගිය මාර්තු 31 වැනිදා සිට බලාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්ව ගොස් ඇති අතර, ඒ වෙනුවට නවීඩ් කාදර් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කර තිබේ. නවීඩ් කාදර් මහතා මේ වනවිට ස්කෝප් සිනමාස්හි විධායක සභාපතිවරයා ලෙසින්ද කටයුතු කරයි. 



අදහස් (0)

ලිබර්ටි ලෑන්ඩ් ඇන්ඩ් ඩිවලොප්මන්ට්ස් ‘‘ස්කෝප් සිනෙමාස්’’ අත්පත් කර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site