IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමට ශාකසාර හා ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරුවා ජනාධිපති අපනයන සම්මානය

වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, 2024/25 වසරේ ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු‘ සම්මානයෙන් ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම නැවත වරක් පිදුම් ලැබීය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ජනාධිපති අපනයන සම්මාන උළෙල, අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන, ලාංකේය අපනයනකරුවන්ට පිරිනමනු ලබන ඉහළම ජාතික ඇගයීමයි. ශාකසාර සහ ආයුර්වේද අංශයෙන් ලින්ක් නැචුරල් සමාගම ලැබූ මෙම ජයග්‍රහණවලින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය, අගය එකතු කිරීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම මෙන්ම ගෝලීය වෙළෙඳපොළේ සමාගමේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා සමාගමේ කැපවීම හා දක්ෂතාව පෙන්නුම් කරයි.


සාම්ප්‍රදායික ආයුර්වේදීය දැනුම, නවෝත්පාදන සමඟ මුසු කරමින්, ලින්ක් නැචුරල් සමාගම දශක හතරකට වැඩි කාලයක් පුරා ලංකාවේ ආයුර්වේද හා ශාකසාර නිෂ්පාදන මෙන්ම ස්ව සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරමින් සිටියි. පරම්පරා ගණනාවක පාරිභෝගික විශ්වාසය දිනා ගත් සහ පාරිභෝගිකයාට පූර්ණ සේවාවක් ලබා දෙන, ලින්ක් සමහන්, සුදන්ත, ස්වස්ථ අමෘත, ස්වස්ථ ත්‍රිපලා, මසල්ගාඞ්, SP බාම් සහ කේෂා වැනි නිෂ්පාදන රැසක් මෙම සමාගම සතු වේ. එහි ප්‍රමුඛතම නිෂ්පාදනය වන ලින්ක් සමහන් මේ වන විට යුරෝපය, ඇමරිකාව, ජපානය, ඉන්දියාව, කැනඩාව, මැදපෙරදිග සහ ඕස්ට්‍රේයාව වැනි ප්‍රධාන වෙළෙඳපොළවල් ඇතුළු රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරයි. එමෙන්ම Macro, Rossmann, dm-drogerie, Costco වැනි ප්‍රධාන ජාත්‍යන්තර වෙළෙඳ ජාලයන් ඔස්සේ ද මෙම නිෂ්පාදන ලබා ගත හැකි අතර, ලංකාවේ ජාතික ගුවන් සේවය වෙතින් ද මගීන් වෙත සපයනු ලබයි. එහි පවතින ගුණාත්මකභාවය හේතුවෙන් පුළුල් පිළිගැනීමකට ලක්ව ඇති ලින්ක් සමහන්, ප්‍රමුඛ පෙළේ ගෝලීය ප්‍රකාශන සහ ජාත්‍යන්තර මාධ්‍ය වේදිකාවල ද විශේෂ අවධානයට ලක්ව ඇත. මෙය ලාංකේය ශාකසාර නිෂ්පාදනවල ගෝලීය පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරයි.
ලින්ක් නැචුරල් හි ප්‍රධාන විධායක නිලධාරි, අෂාන් රන්සිලිගේ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”‍මෙම ඇගයීම ලංකාවේ ශාකසාර සහ ආයුර්වේද ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට අප ගන්නා අඛණ්ඩ උත්සාහයට සාක්ෂි දරනවා. එය අපගේ ආයතනයේ කණ්ඩායම්වල කැපවීම, අප පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ අපගේ දිගුකාලීන ගෝලීය හවුල්කරුවන්ගේ සහයෝගීතාවේ ශක්තිය සනාථ කරන්නක්. නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමටත්, ලොව පුරා සිටින පාරිභෝගිකයන්ට සියයට 100ක් ලාංකේය, ආරක්ෂිත සහ ඵලදායී සුවතා නිෂ්පාදන ලබා දීමටත් අප සැම විටම කැප වී සිටිනවා.”‍



අදහස් (0)

ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමට ශාකසාර හා ආයුර්වේද නිෂ්පාදන අංශයේ හොඳම අපනයනකරුවා ජනාධිපති අපනයන සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site