IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ලිට්‍රෝ - ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවේ

මාසික මිල සංශෝධනය අනුව ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල ගණන් වෙනස් නොවන බව එම සමාගම් දෙකම ඊයේ (01) නිවේදන නිකුත් කරමින් පවසා සිටියේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් ලෙස පවතින අතර, කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි. එසේම කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසද නොවෙනස්ව පවතී. මීට අමතරව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් ලෙස පවතින අතර කිලෝග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක් ලෙස නොවෙනස්ව පවතී.



අදහස් (0)

ලිට්‍රෝ - ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site