IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


ලේක් හවුස් මුද්‍රණ සහ ප්‍රකාශන සමාගමේ කාර්යමණ්ඩල සුහද හමුව දා...



සීමාසහිත ලේක් හවුස් මුද්‍රණ සහ ප්‍රකාශන සමාගමේ කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් උදෙසා පවත්වනු ලැබූ සුහද හමුව කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පසුගිය දා පවත්වනු ලැබීය.

එහිදී සමාගමේ වසර 40ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද සාමාජික සාමාජිකාවන්ගේ සේවය ඇගැයීමකට ලක් කර තිළිණ ප්‍රදානය කෙරිණි. අවුරුදු 40ක් සම්පූර්ණ කරන ලද සාමාජික සාමාජිකාවන්, සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා අතින් තම ත්‍යාග ලබාගත් අවස්ථාව.

මෙම සුහද හමුවේදී ඇගැයීමට ලක්ව සමරු තිළිණ ලබාගත් කිත්මිණි දයාරත්න, එස්. එච්. කමලසිරි, එම්. එස්. සී. බණ්ඩාරනායක, ආර්. ඩී. ජයතිලක, උපදේශක ඩී. වී. ගුණතුංග, සභාපති ආර්. එස්. විජයවර්ධන, මුද්‍රණ විධායක ඒ. ඉලංගෝවන්, එල්. චන්ද්‍රපාල, ආර්.ඩී. ජයසේන යන මහත්ම මහත්මින් සීමාසහිත ලේක් හවුස් මුද්‍රණ සහ සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.



අදහස් (0)

ලේක් හවුස් මුද්‍රණ සහ ප්‍රකාශන සමාගමේ කාර්යමණ්ඩල සුහද හමුව දා...

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site