IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර ගිවිසුම් අදියර I ට එකඟතාව

නිමල කොඩිතුවක්කු
ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුමේ අදියර I ට එකඟතාව දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2017 වසරේදී ආර්ජන්ටිනාවේ බුවනෝස් අර්යස්හි පවත්වන ලද ලෝක වෙළෙඳ සංවිධානයේ 11 වැනි අමාත්‍ය සම්මේලනයේදී ධීවර සහනාධාර නියාමනය කිරීම පිළිබඳව ගෝලීය ගිවිසුමක අවශ්‍යතාව තහවුරු කර ඇත. ඒ අනුව, ලෝක වෙළෙඳ සංවිධානය 2022 වර්ෂයේ පැවති 12 වැනි අමාත්‍ය සම්මේලනයේදී ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් වන කටයුතු අවසන් කර තිබේ.
එකී ගිවිසුම මඟින් නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර කටයුතු වලට දායක වන සහනාධාර තහනම් කිරීම, අධි අස්වනු කරනු ලැබූ මත්ස්‍ය තොග සඳහා සහනාධාර තහනම් කිරීම සහ අධිධාරිතාව හා අධික ලෙස මසුන් ඇල්ලීම සඳහා දායක වන සහනාධාර තහනම් කිරීම යන ප්‍රධාන කුලු‍නු තුන ආවරණය වේ.



අදහස් (0)

ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර ගිවිසුම් අදියර I ට එකඟතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site