IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

විමුක්ති එස්. රුද්‍රිගු


ගෝලීය ආර්ථික හා භූ දේශපාලනික අවිනිශ්චිතතා මධ්‍යයේ ආයෝජකයන් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම හේතුවෙන් රත්‍රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලෝක රත්‍රන් වෙළෙඳ පොළේ අවුන්සයක මිල පෙරේදා (02) පස්වරුව වනවිට ඇමෙරිකානු ඩොලර් 3,508.50 ක් අගයක් ගත් බවත් එය පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා කළ වැඩිම මිල පසුකර යාමක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
පසුගිය 2023 වසරේ සිට මේ දක්වා රත්‍රන්වල වටිනාකම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකානු ඩොලරය අවප්‍රමාණය වීමත් සමග ඇතැම් මහ බැංකු ඇමෙරිකානු රජයේ බැඳුම්කර අත්හැර ආරක්ෂාකාරී පියවරක් ලෙස රත්‍රන් සංචිත වැඩිකර ගැනීමට උනන්දුවීම මිල ඉහළ යාමට හේතු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.



අදහස් (0)

ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site