IMG-LOGO

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

භානුක අමරසිංහ 

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඊයේ දිනයේදී කැපී පෙනෙන ලෙස පහළ වැටීමක් සිදු විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.54ක් දක්වා සියයට 1.22කින් පහත වැටුණු අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක් ඩොලර් 57.51ක් දක්වා සියයට 1.34කින් පහත වැටුණි. 

විශේෂ‍යෙන්ම ලොව විශාලතම බොරතෙල් නිෂ්පාදන රාජ්‍යයන් අයත් OPEC+ සංවිධානය මගින් සිය බොරතෙල් නිෂ්පාදනය තවදුරටත් ඉහළ දැමීමට තීරණය කිරීම මේ සඳහා හේතුව වී තිබේ. එසේම සැපයුම ඉහළ ගියද ලොව පුරා පවතින අනපේක්ෂිතතා සමගින්ම බොරතෙල් ඉල්ලු‍මේ පවතින පහත වැටීමත් මිල පහත වැටීමට හේතුවක් වී තිබේ.

 



අදහස් (0)

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site