IMG-LOGO

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා


ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර

භානුක අමරසිංහ 


ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පත් කරගත් බව එම මණ්ඩලය පවසයි. ඊයේ (26) පැවැත්වුණු එම මණ්ඩලයේ 186 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම නව පත් කරගැනීම සිදු කර තිබේ. බාලේන්ද්‍ර මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයෙහි සභාපතිවරයාද වෙයි. 
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයාව සිටි දුමින්ද හුලංගමුව මහතාගෙන් පසුව බාලේන්ද්‍ර මහතා එම ධුරය සඳහා පත් කෙරී තිබේ. අර්නස්ට් ඇන්ඞ් යන්ග් ශ්‍රී ලංකා ආයතනයේ මෙරට කළමනාකාර හවුල්කරුවා වන දුමින්ද හුලංගමුව මහතා, වත්මන් ජනපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයාද වෙයි. 
ලංකා වාණිජ මණ්ඩලයේ නව උප සභාපතිවරයා ලෙස ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟු‍මාල් තෙවරතන්ත්‍රී මහතා පත් කර ගෙන තිබේ. නියෝජ්‍ය උප සභාපතිවරයා ලෙස හයිද්‍රාමනි සමූහයේ සභාපති විනෝද් හයිද්‍රාමනි මහතා පත් කරගෙන තිබේ.



අදහස් (0)

ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site