IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

නිමල කොඩිතුවක්කු

ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලංකා බැංකුවේ ප්‍රාග්ධන ව්‍යුහය පුළුල් කිරීම, අවසරලත් කාර්යයන් පුළුල් කිරීම, බැංකුවේ සාමාන්‍ය පාලන ව්‍යූහය ශක්තිමත් කිරීම ආදී කාර්යයන් ඉටු කර ගත හැකි වන පරිදි (397 අධිකාරය වූ) 1938 අංක 53 දරන ලංකා බැංකු ආඥා පනත සංශෝධනය කිරීම සඳහා 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, අදාළ කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දී තිබේ. එකී සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීම සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site