IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 150 ක ගිවිසුම් දෙකක්

ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ දියුණු කිරීම උදෙසා ඉකුත් දා ලෝක බැංකුව සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක වටිනාකමින් යුත් ගිවිසුම් දෙකකට අත්සන් තැබිණි. 

දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් ඇති කිරීම, රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්ව තුළින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ කුඩා ගොවීන් නියැළෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඵලදායීතාව වැඩි දියුණු කිරීම මෙම ගිවිසුම් දෙකට අත්සන් කෙරුණි. 

ලෝක බැංකුව වෙනුවෙන් එම බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාට්විග් ෂේෆර් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු එම ගිවිසුමට අත්සන් තැබූහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2019 වාර්ෂික හමුව අතරවාරයේ දී මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට එක්විය.  

 

055

 



අදහස් (0)

ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 150 ක ගිවිසුම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site