IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ලංකා බැංකුවේ රැ.බි. 20ක බැඳුම්කරයට LRA වෙතින් AA- ශ්‍රේණිගත කිරීමක්

භානුක අමරසිංහ 
ලංකා බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 20ක් වටිනා තිරසර බැඳුම්කරය වෙත ස්ථාවර ඉදිරිදැක්මක් සහිත AA- ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) පවසයි. 
මෙම බැඳුම්කරය බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි වසර පහකින් කල් පිරෙන තිරසර බැඳුම්කරයක් ලෙස නිකුත් කිරීම සැලසුම වී තිබේ. ලංකා බැංකුව විසින් දෙසැම්බර් 07 වැනිදා මේ පිළිබඳව නිවේදනය කරන ලදී. 
 “ලංකා බැංකුවේ මෙම තිරසර බැඳුම්කරය වෙත AA- ශ්‍රේණිගත කිරිමක් ලබාදීම මගින් මෙරට විශාලතම වාණිජ බැංකුව ලෙස ලංකා බැංකුව සතු ශක්තිමත් ස්ථානය තවදුරටත් පිළිබිඹු වෙනවා.“ යනුවෙන් LRA පවසයි.



අදහස් (0)

ලංකා බැංකුවේ රැ.බි. 20ක බැඳුම්කරයට LRA වෙතින් AA- ශ්‍රේණිගත කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site