IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ලංකා බැංකුවේ පේරාදෙණිය උද්භිද උද්‍යාන සීමිත සේවා ශාඛාව විවෘත කෙරේ

කෙසෙල්වත්ත ශාඛාවත් නව පරිශ්‍රයකට


සිය වටිනා ගනුදෙනුකාර භවතුන්ට නවතම බැංකුකරණ අත්දැකීමක් සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් ලංකා බැංකුවේ පේරාදෙණිය අධි ශ්‍රේණි ශාඛාවට අනුබද්ධිත පේරාදෙණිය උද්භිද උද්‍යාන සීමිත සේවා ශාඛාව විවෘත කිරීම සහ කෙසෙල්වත්ත ශාඛාව නව පරිශ්‍රයක් වෙත ගෙන යාම පසුගිය දා සිදු කෙරිණි.
මෙම ශාඛා හරහා පේරාදෙණිය හා පානදුර කෙසෙල්වත්ත යන ප්‍රදේශවල සහ එම ප්‍රදේශ අවට ජීවත් වන ජනතාවට කාර්යක්ෂම බැංකු සේවා ලබා දෙමින් ආර්ථික වශයෙන් ඔවුන් සවි බල ගැන්වීම ලංකා බැංකුවේ අරමුණයි.
දිවයින පුරා පිහිටා ඇති 660කට අධික ලංකා බැංකු ශාඛා ජාලය හා 2400කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සම්බන්ධ වී ඇති නිසා ගනුදෙනුකරුවන්ට මෙම ශාඛා හරහා රටේ ඕනෑ ම ප්‍රදේශයක් සමග බැංකු ගනුදෙනු කිරීමේ හැකියාව ලැබී ඇත.

 



අදහස් (0)

ලංකා බැංකුවේ පේරාදෙණිය උද්භිද උද්‍යාන සීමිත සේවා ශාඛාව විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site