IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ලංකා බැංකුවේ දකුණු පළාත් ගනුදෙනුකරුවන්ගේ සුහද හමුවදා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


ලංකා බැංකුවේ දකුණු පළාත් ගනුදෙනුකරුවන්ගේ සුහද හමුව බලපිටිය හීනටිය මාදු රිවර් රීච් හෝටලයේදි පැවැත්විණ.
මේ සුහද හමුව පැවතියේ දකුණු පළාතට අයත් ගාල්ල, මාතර සහ හම්බන්තොට තෙදිසාවේ ලංකා බැංකු ශාඛා සමග ගනුදෙනු කළ හොඳම ගනුදෙනුකරුවන් එකසීය පනස්දෙනා සඳහාය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි, දකුණු පළාත භාර නියෝජය පොලිස්පති කිත්සිරි ජයලත්, ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය මේ අවස්ථාවට සහභාගීවිය. ලංකා බැංකුවේ කාර්යභාරය පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීමද මෙදින සිදු කෙරිණ. සුහද හමුවට සහභාගීවූ සියලු‍ම ගනුදෙනුකරුවන්ට ත්‍යාග පිරිනැමීමද විශේෂත්වයකි.

 



අදහස් (0)

ලංකා බැංකුවේ දකුණු පළාත් ගනුදෙනුකරුවන්ගේ සුහද හමුවදා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site