ලංකා බැංකුව, 2024 මහජන විශිෂ්ටතා සම්මාන උළෙලේ දී සම්මාන 4කින් පිදුම් ලැබීය. Iconic Awards විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය 2024 දෙසැම්බර් 29 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
මෙහි දී ලංකා බැංකුවට ‘2024 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකේය බැංකුව‘ට හිමි සම්මානය සහ ‘වසරේ හොඳ ම SME සේවා සපයන්නා‘ට හිමි සම්මානය හිමි වූ අතර, එම සම්මාන උළෙලේ දී ‘වසරේ හොඳම ප්‍රවර්ධන වැඩසටහන’ ලෙස තරුණ ව්‍යවසායකයන් බල ගැන්වීම වෙනුවෙන් ලංකා බැංකුව හඳුන්වා දුන් ‘’BOC Youth ණය යෝජනා ක්රමයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනත්, ‘වසරේ හොඳ ම බැංකු ශාඛාව’ ලෙස BOC ටොරින්ටන් ශාඛාවත් සම්මාන ලැබීය.
නව්‍යකරණය හරහා සිය සේවා අඛණ්ඩව වැඩි දියුණු කිරීම වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරන ලංකා බැංකුව, සිය ඩිජිටල් සේවා පුළුල් කරමින්, මෙරට ආර්ථික වර්ධනය සඳහා උපරිම දායකත්වය ලබා දෙන අතර, සියලුම ජන කොටස්වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බැංකු සේවා ලබා දීමට ද ලංකා බැංකුව නිරන්තරයෙන් කැප වෙයි.
වසර 85 කට අධික කාලයක් මෙරට මූල්‍ය ක්ෂේත්රය ආශ්‍රිතව සුවිශේෂ මෙහෙවරක නිරතව සිටින ලංකා බැංකුව, ගෝලීය අවස්ථා සඳහා පුද්ගලයන් සහ ව්‍යාපාර යොමු කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මුළු දිවයිනම ආවරණය වන පරිදි ස්ථාපිත 658ක් වූ ශාඛා ඇතුළු ව 2,300කට අධික ගනුදෙනුකාර සේවා මධ්‍යස්ථාන ජාලය හරහා සිය ගනුදෙනුකරුවන් වෙත කාර්යක්ෂම සේවයක් ලබා දෙන ලංකා බැංකුව, Brand Finance Lanka විසින් ශ්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය ලෙසත්, The Banker සඟරාව විසින් 2024 වසරේ ලොව හොඳම බැංකු 1000 අතරට නම් කෙරුණු එකම ශ්‍රී ලාංකේය බැංකුව ලෙසත්, 2021 හා 2023 වසරවල ‘වසරේ බැංකු කරු’ ලෙසත් ශ්‍රේණිගත කෙරිණි. ඊට අමතරව 2024 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේ දී වසරේ ජනතා බැංකු සේවා සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර වූ ලංකා බැංකුව, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ස්ථාපිත පූර්ණ අනුබද්ධිත ආයතනය සහ මාලදිවයිනේ මාලේ හා හුල්හුමාලේ, ඉන්දියාවේ චෙන්නායි සහ සීෂෙල්ස් හි පිහිටා ඇති විදේශීය ශාඛා හරහා සිය ජාත්‍යන්තර ව්‍යාප්තිය ශක්තිමත් කර ඇත.
ලංකා බැංකුවට 2024 ’මහජන විශිෂ්ටතා සම්මාන’ 4ක්