IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


ලෝක ගුවන් සේවා ක්‍රිකට් පිටියේ ශ්‍රීලංකන් ගුවන් සේවයට සුවිශේෂී ජයක්


ඩුබායි හි ‘ද සෙවන්ස් (The Sevens)’  ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු 2026 ලෝක ගුවන් සේවා ක්‍රිකට් තරගාවලියේදී (World Airline Cricket Tournament)  ප්‍රබල දස්කම් දැක්වූ ශ්‍රීලංකන් ගුවන් සේවා ක්‍රිකට් කණ්ඩායම එහි ‘ශූරතා පළිහ’ (Plate Winners) දිනා ගැනීමට සමත් විය. 

පෙබරවාරි 1 සිට 8 දක්වා එමිරේට්ස් සමූහයේ (Emirates Group) සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලිය, ලොව පුරා විසිරී සිටින ගුවන් සේවා සේවකයන් අතර සුහදත්වය සහ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කර තිබුණි. එහිදී ශ්‍රී ලංකන් කණ්ඩායම දැක්වූ දක්ෂතා ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට සමත් විය. ගුවන් නියමු චමින්ද ද සොයිසාගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලංකන් කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණය තරගාවලියේ කැපී පෙනෙන සුවිශේෂී අවස්ථාවක් වූ අතර, එහිදී දසීස් ඉෂාන්තමාල් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසත්, දක්ෂ පිතිහරඹයක නිරත වූ අසිත වඩුආරච්චිගේ තරගාවලියේ හොඳම පිතිකරු ලෙස සම්මාන හිමිකර ගත්තේය. 

කණ්ඩායම් හැඟීම සහ ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කළ මෙම තරගාවලිය, ශ්‍රී ලංකන් නාමය ගුවන් සේවා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ යළිත් ඉහළට ඔසවා තැබූ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.





අදහස් (0)

ලෝක ගුවන් සේවා ක්‍රිකට් පිටියේ ශ්‍රීලංකන් ගුවන් සේවයට සුවිශේෂී ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site