×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ලංකාවේ ලක්ෂයකට වැඩිම බැංකු ශාඛා ඇත්තේ උතුරු පළාතේ
කතෘ මණ්ඩලය 2025 ඔක්තෝබර් මස 23
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
2009 දී ශාඛා 9.9ක් වූ එම පළාතේ බැංකු
ඝනත්වය 2025 දී ශාඛා
21.8ක් දක්වා ඉහළට
බස්නාහිර පළාතේ බැංකු ඝනත්වය ලක්ෂයකට
ශාඛා 19.9ක්
භානුක අමරසිංහ
2025 වසරේ දෙවැනි කාර්තුව වන විට මෙරට පළාත් අනුව වැඩිම බැංකු ශාඛා ඝනත්වයක් පවතින්නේ උතුරු පළාත සතුව බව වාර්තා වෙයි. ඒ අනුව මෙය ලක්ෂයක ජනතාවක් සඳහා බැංකු ශාඛා 21.8කි.
මෙහිදී යුද ගැටුම් අවසන් වුණු 2009 වසරේදී ලක්ෂයකට බැංකු ශාඛා 9.9ක් ලෙස පැවැති බැංකු ඝනත්වය හා සැසඳීමේදී මෙය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. එසේම මෙම පළාත සතු අඩු ජනගහනයද ඊට හේතුවක් වී ඇත.
මේ අතර 2025 දෙවැනි කාර්තුව වනවිට දෙවැනියට වැඩිම බැංකු ඝනත්වයක් පවතින්නේ බස්නාහිර පළාත සතුවයි. එය ලක්ෂයකට බැංකු ශාඛා 19.9ක් ලෙස පවතී. 2009 දී මෙය 18.3 ක අගයක පැවතුණි. එහිදී බස්නාහිර පළාත සතු ඉහළ ජනගහනයද ඊට ප්‍රධාන වී තිබේ.
එසේම 2025 දෙවැනි කාර්තුව වනවිට නැගෙනහිර පළාත තුළ මෙම අගය 16.2ක්, දකුණු පළාත තුළ 16.1ක්, උතුරු මැද පළාත තුළ 15.7ක් ලෙසද මෙම ඝනත්වය සටහන්ව තිබේ.
මීට අමතරව ඌව පළාත තුළ 14.7ක්, මධ්‍යම පළාත තුළ 14.3ක්, වයඹ පළාත තුළ 13.6ක්, සහ සබරගමුව පළාත තුළ 13.1ක් ලෙස ලක්ෂයක ජනතාවක් සඳහා වන බැංකු ඝනත්වය සටහන්ව තිබේ. මෙහිදී විශේෂයෙන්ම 2009 වසරට සාපේක්ෂව 2025 වසර වනවිට රට තුළ බැංකු ඝනත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර, එය රට තුළ මූල්‍ය අන්තර්ගතභාවය (financial Inclusion) පිළිබඳ දර්ශකයක් බවත් පැවසෙයි.
අදහස් (0)
ලංකාවේ ලක්ෂයකට වැඩිම බැංකු ශාඛා ඇත්තේ උතුරු පළාතේ
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
ලංකාවේ ලක්ෂයකට වැඩිම බැංකු ශාඛා ඇත්තේ උතුරු පළාතේ