IMG-LOGO

2026 මාර්තු මස 27 වන සිකුරාදා


ලංකාව කෙදිනකවත් දරුණුතම ආර්ථික අර්බුදයට හේතු අමතක නොකළ යුතුයි


විමුක්ති එස් රුද්‍රිගු


ඉන්දීය ආර්ථික විද්‍යාඥ 
අරවින්ද් සුබ්‍රමනියම්

ශ්‍රී ලංකාව කෙදිනකවත් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයට මුල්වූ කරුණු අමතක නොකළ යුතු බවත් එමගින් ඉදිරියේදී ආර්ථික අර්බුදයක් ඇතිවීම වළක්වා ගතහැකි බවත් ප්‍රමුඛ ඉන්දීය ආර්ථික විද්‍යාඥ අරවින්ද් සුබ්‍රමනියම් මහතා පසුගියදා පැවැති දේශනයකදී ප්‍රකාශ කළේය.

ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය යන රටවල් සිය ආර්ථිකය ශක්තිමත් කර ගෙන ඇත්තේ මෙම සංකල්පය මත පදනම්ව බවද ඔහු පැවැසුවේය. මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවූ අභියෝග සහ එම ආර්ථික අර්බුදයට මුල්වූ කරුණු පිළිබඳව මතක තබා ගැනීමට ශ්‍රී ලංකාවට යම් ආකාරයක යාන්ත්‍රණයක් අවශ්‍ය බව තමා තරයේ විශ්වාස කරන බවද සුබ්‍රමනියම් මහතා ප්‍රකාශ කළේය.

එම යාන්ත්‍රණය ආයතනික, සමාජීය හෝ දේශපාලනික විය හැකි බවද ඔහු පැවැසුවේය. එවැනි දෙයක් සිදු නොවීමට නම් එය සදාකල් මතකයේ තිබිය යුතු බවද ඔහු පැවැසුවේය.

ජර්මනියට අඩු උද්ධමනයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත්තේ එම ජනතාව 1920 වසරේදී ඉහළ ගිය ඉහළ උද්ධමනය කිසිම දිනක අමතක නොකළ නිසා බැවින් යැයිද ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

ලංකාව කෙදිනකවත් දරුණුතම ආර්ථික අර්බුදයට හේතු අමතක නොකළ යුතුයි

de silva Monday, 26 January 2026 08:22 PM

කියල වැඩක් නැහැ ඕව මෝඩයන්ට සහ හොරුන්ට වැටහෙන්නේ නැහැ , මෙහෙ හිටපු සහ වර්තමාන පාලකයෝ සිතන්නේ , සියලුම ආනයනික භාණ්ඩ වලට හිටු කියල බදු ගැහුවාම , ආර්ථිකේ දියුණු වෙනවා කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site