භානුක අමරසිංහ
සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස රෙහාන් වන්නිඅප්පා මහතා පත් කරගත් බව එම අධිකාරිය සඳහන්කරයි. මෙතෙක් කලක් එම ධුරය හෙබවූ සාගර කොටකදෙණිය මහතාගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර තිබේ.
රෙහාන් මහතා 2003 වසරේ සිට සිවිල් ගුවන් සේවා අධිකාරියේ විවිධ ධුරයන්හි කටයුතු කර තිබේ. දශක දෙකකට අධික සිය අත්දැකීම් යටතේ ඒ මහතා සතුව මෙම ක්ෂේත්‍රය පිළිබඳව හොඳ අවබෝධයක් පවතින බවත්, ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා කර්මාන්තයේ දියුණුවක් සහ සංවර්ධනයක් බලාපොරොත්තු වන බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
රෙහාන් වන්නිඅප්පා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට