
ශ්‍රී ලංකාවේ ටයිල් සහ බාත්වෙයා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන’රෝයල් සෙරමික්ස් ලංකා’ පීඑල්සී (රොසෙල්) සමාගම පසුගියදා පැවති ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන උළෙල 2023දී නිෂ්පාදන (මහා පරිමාණ) කාණ්ඩය යටතේ ජාතික සම්මානයෙන්’ පිදුම් ලැබීය. මෙම සම්මානයල ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන විශිෂ්ටත්වය වෙනුවෙන් සමාගමේ කැපවීම අගය කිරීමකි.
මෙම සම්මානය පිරිනමනු ලැබුවේ මෙරට තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ප්‍රමිති ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) මගිනි. සමාගම සතු උසස් ප්‍රමිතිය, විධිමත් කළමනාකරණ පද්ධති සහ නිෂ්පාදන කටයුතු නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ’ අසමසම කැපවීම පිළිබඳ ලැබූ සහතික කිරීමක් ලෙස ද මෙය සැලකිය හැකිය.
ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සංවිධානයේ (ISO) මෙරට නියෝජිත ආයතනය වන SLSI විසින් කාර්ය සාධන විශිෂ්ටතා නිර්ණායක මත පදනම්ව සම්මාන සඳහා වන මිනුම් දඬු සකසා ඇත්තේ ලොව’ පුරා රටවල් 80කට අධික සංඛ්‍යාවක භාවිත කරනල ගෝලීය වශයෙන් පිළිගත් මැල්කම් බෝල්ඩ්‍රිජ්’ තත්ව සම්මාන රාමුවට අනුකූලවය.
මෙම රන් සම්මානයල රොසෙල්හි ආයතනික ක්‍රියාවලීයේ ශක්තිය තහවුරු කරන අතරල එහි උපාය මාර්ගවල සාර්ථකත්වය ද පෙන්නුම් කරයි. රොසෙල් සමාගම නිෂ්පාදන ක්‍රියාවලියේල අති නවීන නිෂ්පාදන ශිල්පීය ක්‍රම සහ තත්වය කෙරෙහි අවධානය යොමු කරමින්, අඛණ්ඩව ශ්‍රී ලංකාවේ’ ටයිල් හා බාත්වෙයා ක්ෂේත්‍රය සඳහා ගෝලීය ප්‍රමිති සකසන ආයතනයකි.
මෙම ජයග්‍රහණය උසස්ම තත්වයේ, කල් පවතින’ නිෂ්පාදන සැපයීමට රොසෙල් සතු කැපවීම පිළිබඳ ස්වාධීන සාක්ෂියක් සපයයි. රොසෙල් හි වර්තමාන ප්‍රමිතිවලට හිමි වූ ගෞරවයක් මෙන්ම සමස්ත’ කර්මාන්තයටම නිෂ්පාදන විශිෂ්ටත්වයෙහි ඉහළ මට්ටම් කරා ළඟා වීමට පෙළඹවීමක් ලබා දෙමින්, අනාගතය සඳහා ද මිනුම් දඬු මෙම ජාතික සම්මානය හරහා සකස් කරයි.
රොසෙල් ශ්‍රී ලංකා ජාතික තත්ව සම්මාන උළෙලේ ජාතික සම්මානය දිනාගනී