IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


රියාස් රෂීඩ් ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට


භානුක අමරසිංහ


ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස රියාස් රෂීඩ් මහතා නම් කර ඇතැයි එම සමාගම පවසයි. පසුගිය ඔක්තෝබර් 24 වැනිදා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම පත් කිරීම අනුමත කර තිබේ. ඒ අනුව 2026 ජනවාරි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා එම ධුරයට පත් කෙරෙන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සඳහන් කරයි. 

වසර 34කට අධික කාලයක වෘත්තීතමය අත්දැකීම් සහිත රෂීඩ් මහතා වසර 29ක කාලයක් මිලිකොම්, එටිසලාට්, හචිසන්, රොබි ආසිආටා යන සමාගම්හි කටයුතු කර තිබේ. එසේම ඒ මහතා කලක් එටිසලාට් ශ්‍රී ලංකා සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයාද විය. ඊට පෙර ඒ මහතා සෙල්ටෙල් ලංකා ලිමිටඩ් සහ ටිගෝ ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලද ප්‍රධාන මූල්‍ය නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.



අදහස් (0)

රියාස් රෂීඩ් ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site