
වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම ණයට - වටිනාකම අනුපාතය (LTV) යළි සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ. ඒ අනුව මීට පෙර පැවති කාණ්ඩ 4 වෙනුවට ප්‍රධාන කාණ්ඩ 2ක් යටතේ උපරිම ලීසිං ප්‍රතිශත අඩු කිරීමක් සිදුව ඇතැයි සඳහන් වෙයි.
ඒ අනුව වාණිජ වාහන සඳහා සියයට 70ක් ලෙසත් පෞද්ගලික වාහන (කාර්, වෑන්වලට අමතරව ත්‍රිරෝද රථ සහ අනෙකුත් පෞද්ගලික වාහන) සියයට 50ක් ලෙසත් සඳහන් කර තිබේ.
පසුගිය ජූලි මාසයේදී මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව වාණිජ වාහන සඳහා මෙම ලීසිං අනුපාතය සියයට 80ක් විය. එසේම පෞද්ගලික වාහන සඳහා එය සියයට 60ක් ලෙස සටහන් විය. මේ අතර නව නිවේදනයට අනුව ත්‍රිරෝද රථ සහ අනෙකුත් පෞද්ගලික භාවිත වාහනවල පැවැති ලීසිං අනුපාත වූ සියයට 50 සහ සියයට 70 යන්න සියයට 50ක් දක්වා අඩු වී තිබේ.
රථ වාහන ලීසිං පහසුකම් අනුපාත වෙනස් වෙයි