IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


රේණුකා සමූහයේ සමාගම් දෙකක් ඒකාබද්ධ කරයි

රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන රේණුකා එන්ටර්ප්‍රයිසස් (පෞද්) සමාගම රේණුකා ඇග්‍රො එක්ස්පෝර්ට්ස් (පෞද්) සමාගම හා ඒකාබද්ධ කිරීමක් සිදු කරන බව එම සමාගම පවසයි. 
රේණුකා ඇග්‍රො එක්ස්පෝර්ට්ස් (පෞද්) සමාගම රේණුකා එන්ටර්ප්‍රයිසස් (පෞද්) සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමකි. 
ලබන මාර්තු 20 වැනිදා සිට මෙම ඒකාබද්ධ වීම බලාත්මක වීමට නියමිතව තිබේ. ඒ අනුව ඉන් අනතුරුව රේණුකා එන්ටර්ප්‍රයිසස් (පෞද්) සමාගම ඉදිරියටත් සිය මෙහෙයුම් පවත්වාගෙන යනු ඇතැයි සමාගම සඳහන් කරයි.  



අදහස් (0)

රේණුකා සමූහයේ සමාගම් දෙකක් ඒකාබද්ධ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site