IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


රාජ්‍ය - පෞද්ගලික බැංකුවල රාත්‍රී සේවය සීමා කෙරේ

(රංජන් කස්තුරි)

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වාණිජ බැංකු රාත්‍රී කාලයේ සේවා සැපයීම සීමාකර තිබේ.

කොළඹ හා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු කිහිපයක් රාත්‍රී කාලයේ විවෘතව තැබූ අතර මේ වන විට ආරක්ෂක හේතූන්මත ඔවුන්ගේ බැංකු සේවා සීමා කර තිබේ.

පාස්කුදා බෝම්බ පිපිරීමේ සිද්ධියෙන් පසුව ආරක්ෂක පියවරක් ලෙස රාත්‍රී කාලයේ සැපයූ බැංකු සේවා සීමාකළ බවද එම සිද්ධියෙන් පසුව රාත්‍රී කාලයේදී ගනුදෙනුකරුවන් බැංකුවලට පැමිණීම සැලකිය යුතු ලෙස අඩු වූ බවද පෞද්ගලික වාණිජ බැංකුවක ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

 

 



අදහස් (1)

රාජ්‍ය - පෞද්ගලික බැංකුවල රාත්‍රී සේවය සීමා කෙරේ

gamarala Monday, 08 July 2019 05:10 AM

බැංකු සේවය දවසේ කල් ඇතිව පටන් ගත්තොත් ව්‍යාපාරිකයන්ට පහසුවක් වේවි. එසේම නීති පතා පැමිණෙන ව්‍යාපාරික ජනතාවට වෙනම කවුළුවක් විවෘත කිරීමෙන් ඒ අයගේ කාලය ඉතිරි කර ගත හැකි වේවි.

:       38       68

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site