නිමල කොඩිතුවක්කු
රාජ්‍ය ණය කළමනාකරණ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනතේ 16 වැනි වගන්තියේ විධිවිධාන පරිදි රජයේ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පවරනු ලැබ ඇත.
එම පනතේ 31 වැනි වගන්තිය අනුව ප්‍රාථමික අලෙවිකරුවන් පත් කිරීමේ සහ ඔවුන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් වන බලතල මුදල් විෂයය භාර අමාත්‍යවරයා වෙත පවරනු ලැබ තිබේ.
ඒ අනුව, රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී ප්‍රාථමික අලෙවිකරුවන් සහ අලෙවිකරුවන් නොවන ලංසුකරුවන් සමග සෘජුව ගනුදෙනු කිරීම, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්ය සාධනය ඇගයීම සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය බලගැන්වීම සහ රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා මගපෙන්වීම්, මෙහෙයුම් මාර්ගෝපදේශ සහ උපදෙස් නිකුත් කිරීමට හැකි වනු පිණිස රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත බලය පැවරීම අරමුණු කර ගනිමින් සාදනු ලැබ ඇති 2025 අංක 02 දරන රාජ්‍ය ණය කළමනාකරණ නියෝග, අංක 2459/52 දරන 2025- ඔක්තෝම්බර් -24 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
රාජ්‍ය ණය කළමනාකරණ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට