IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රේගුවෙන් ඉතිරි දින 45 දී තවත් රැ.බි.300 ක් ඉපැයීමේ බලාපරොත්තුවක්

විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලංකා රේගුවේ මෙම වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,115 ක මුදල පසුගිය 11 වැනිදා වනවිට සාර්ථකව උපයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකියාව ලැබුණු බවත් ඉතිරි දින 45 ක කාලයේදී තවත් රුපියල් බිලියන 300 ක පමණ ආදායමක් රජයට උපයා දීමට හැකි වෙතැයි බලාපරොත්තු වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා අප පුවත්පතට ඊයේ(13) ප්‍රකාශ කළේය.

මෙම වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබාදුන් ආදායම් ඉලක්කය වසර අවසාන වීමට දින 50 ක් තිබියදී සපුරාලීමට හැකිවීම පිළිබඳව ආඩම්බරයට පත්වන බවත් ආදායම් ඉලක්කය සාර්ථකව පසුකර යාමට වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් ලැබූ ආදායම ප්‍රධාන හේතුවක් වූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේය.

පසුගිය 11 වැනිදා වනවිට ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 2117.2 ක ආදායමක් ශ්‍රී ලංකා රේගුව උපයා තිබූ බව පුංචිහේවා මහතා සඳහන් කළේය.

මෙම වසරේදී රජයට වැඩිම බදු ආදායම් ප්‍රමාණයක් උපයා දී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 50 කට ආසන්න වේ. දෙවැනි ස්ථානයට වැඩිම බදු ආදායම් ප්‍රමාණයක් එකතු කරදී ඇත්තේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වන අතර තෙවැනි ස්ථානයට වැඩිම බදු ආදායම් ප්‍රමාණයක් එකතු කර දී ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුව විසිනි.



අදහස් (0)

රේගුවෙන් ඉතිරි දින 45 දී තවත් රැ.බි.300 ක් ඉපැයීමේ බලාපරොත්තුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site