IMG-LOGO

2026 පෙබරවාරි මස 18 වන බදාදා


රොක් පොස්පේට්වලට අගය එකතු කරන්න ආයෝජකයෝ 14ක්

නිමල කොඩිතුවක්කු


ලංකා පොස්පේට් සමාගම මගින් කැණීම් කරනු ලබන රොක් පොස්පේට් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලංකා පොස්පේට් සමාගම මගින් කැණීම් කරනු ලබන රොක් පොස්පේට් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයෝජකයන් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස 2025-08-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එකී අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර, අභිලාෂ ප්‍රකාශ කිරීම් 14 ක් ලැබී ඇත. එකී අභිලාෂ ප්‍රකාශ කිරීම් ඇගයීමෙන් අනතුරුව තෝරා ගනු ලබන සුදුසුකම් ලත් ආයෝජකයන් වෙතින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රොක් පොස්පේට්වලට අගය එකතු කරන්න ආයෝජකයෝ 14ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site