IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


යොහාන් පෙරේරා ලක්ෂපාන අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ  


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලක්ෂපාන පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පතිරණගේ යොහාන් ශ්‍රීනාත් පෙරේරා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව පෙබරවාරි 07 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරවරුන්ගේ ආයතනයේ සාමාජිකයකුද වන ඒ මහතා වසර 33 කට අධික කාලයක් KPMG ආයතනයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් හවුල්කරුවා ලෙස කටයුතු කර තිබේ. අද වන විට යොහාන් පෙරේරා මහතා හේලීස් පීඑල්සී, හේකාර්බ් පීඑල්සී, ඩිප්ඞ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සහ ඊ.බී.ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සී යන සමාගම්හිද ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ ධුර දරයි. 



අදහස් (0)

යොහාන් පෙරේරා ලක්ෂපාන අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site