නිමල කොඩිතුවක්කු
යුරෝපීය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් වන බවත්, ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවත්  වැඩබලන කැබිනට් ප්‍රකාශක විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
යුරෝපා රටවල්වලින් වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණෙන බවත් සංචාරකයන්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස ගත් විට යුරෝපා සංචාරකයන් වැඩි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය රටවල ස්කැනේඩියානු, එක්සත් රාජධානිය, ඔස්ටේලියාව, නවසීලන්තය වැනි රටවල් සඳහාද ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සිදුකළ බවත් එම රටවල සංචාරකයන් පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක් ඇති බවද ඔහු පැවසීය.
යුරෝපා සංචාරකයන් වැඩියෙන් ගෙන්වන්න වැඩසටහන් රැසක්