IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


යුනි‍ට් ට්‍රස්ට් දැනුවත් කිරීමට ඉහළ උනන්දුවක්

භානුක අමරසිංහ

ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමය (UTAS) මගින් යුනිට් ට්‍රස්ට් හෙවත් ඒකක භාර සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කිරීම සඳහා ඊයේ (27) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී ආරම්භ කළ වැඩසටහනට අතිවිශාල පිරිසකගේ උනන්දුවක් හිමි වුණු බව එම සංගමය පවසයි. 

ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමයේ සාමාජික ආයතන 16ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන %ධනය වඩන යුනිට් ට්‍රස්ට් (UT)^ ලෙස නම් කර තිබුණි. ලබන 31 වැනිදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන මගින් යුනිට් ට්‍රස්ට් හරහා සිය වත්කම් වර්ධනය කරගත හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම අරමුණ වී තිබේ. මෙම අවස්ථාව වෙත පැමිණෙන ජනතාවට යුනිට් ට්‍රස්ට් පිළිබඳ ඕනෑම ගැටලු‍වක් නිරාකරණය කරගත හැකි බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

යුනි‍ට් ට්‍රස්ට් දැනුවත් කිරීමට ඉහළ උනන්දුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site