IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මේ වසරේ විසිතුන් ලක්ෂ වැනි සංචාරකයා අද මෙරටට

මීට පෙර සංචාරකයන් ලක්ෂ 23ක කඩඉම පසු කළේ 2018 දී

භානුක අමරසිංහ

2025 වසරේදී මෙරට වෙත පැමිණෙන 23 ලක්ෂ වැනි සංචාරකයා අද (29) දිනයේදී කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණීමට නියමිතව ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම සංචාරකයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපොළෙහි විශේෂිත උත්සවයක්ද සංවිධානය කර තිබේ. 
එම අධිකාරියේ දත්ත අනුව මේ වසර ආරම්භයේ සිට දෙසැම්බර් 25 වැනිදා වන විට මෙරට වෙත පැමිණ සිටි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 2,298,987 කි. දෙසැම්බර් මාසයේ එම දිනය දක්වා පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 195,394ක් ලෙස සටහන්ව තිබේ. ඒ අතරින් දෙසැම්බර් 25 දා පමණක් සංචාරකයෝ 11,111ක් පැමිණ ඇත. මීට පෙර සංචාරකයන් ලක්ෂ 23ක කඩඉම පසු කර ඇත්තේ 2018 දී වන අතර, එම වසරේදී 2,333,796ක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඒ අනුව 2025 වසර එතෙක් මෙතෙක් මෙරට වෙත වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන වසර බවට පත් වනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජනවාරියේ සිට දෙසැම්බර් 25 වැනිදා දක්වා වැඩිම සංචාරක පැමිණීම් ලෙස ඉන්දියාවෙන් 519,816ක සංචාරකයන් පිරිසක් පැමිණ තිබේ. එසේම එක්සත් රාජධානියෙන් 207‍,510ක්ද, රුසියානු සමූහාණ්ඩුවෙන් සංචාරකයන් 178,743ක්ද පැමිණ තිබේ. මීට අමතරව ජර්මනියෙන් සහ චීනයෙන් සංචාරකයන් 143,999ක් සහ 130,452ක් බැගින් පැමිණ තිබේ. ප්‍රංශයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් පැමිණ ඇති සංඛ්‍යාව 107,353 ක් සහ 105,601 කි.



අදහස් (0)

මේ වසරේ විසිතුන් ලක්ෂ වැනි සංචාරකයා අද මෙරටට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site