IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


මේ දවස්වල බිස්නස් අඩුයි ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ


  • අපි මේ වෙළෙඳ‌ාම කරන්නේ හරි අමාරුවෙන්
  • සේවකයන්ට පඩි ගෙවන්නත් අමාරුයි
  • රත්තරන් මිල වැඩිවීමෙන් අලෙවිය අඩුවුණා

රත්තරන් කියන්නෙ ලෝකයේ බහුතරයක් දෙනා ආදරය කරන, ආශාවෙන් එක්රැස් කරන ලෝහ වර්ගයකි. තමන්ගේ පෙනුම මෙන්ම බලය වැඩි කරගන්නත් බොහෝ දෙනා මේ රත්තරන් උපයෝගී කර ගනිති. ලෝකයේ තිබෙන වටිනාම ලෝහ අතරින් එකක් ලෙස රත්තරන් හඳුනාගත හැකිය. 

එමෙන්ම ආභරණ නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම ඇති ලෝහයක් විදිහටත් රත්තරන් හඳුනාගත හැකිය. ඒ නිසාම කොයි තරම් මිල ඉහළ ගියත් රත්තරන්වලට තියෙන ඉල්ලු‍මනම් ලේසියෙන් අඩුවෙනවා දකින්නට ලැබෙන්නේ නැත. ආස රත්තරන් මිලදී ගැනීමට ප්‍රසිද්ධම ස්ථානය වන්නේ පිටකොටුවේ හෙට්ටිවීදියයි. 

හෙට්ටිවීදියේ 
ස්වර්ණාභරණ 
ව්‍යාපාරික 

ආර්. ජෝතී

මේ දවස්වල රත්තරන් වෙළෙදාම ගැන දැනගන්නට අපි පිටකොටුවේ හෙට්ටිවීදියට ගියෙමු. හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ වෙළෙදසලක හිමිකරු වන ආර්. ජෝතී මහතා අප සමග දැක්වූයේ මෙවන් අදහසකි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?

මේ දවස්වල බිස්නස් අඩුයි. ගිය අවුරුද්දේ නම් බිස්නස් හොඳටම අඩු වුණා. මේ අවුරුද්දේ ඉස්සරහට මොනවා වෙයිද දන් නෑ. මිනිස්සු රත්තරන් බඩු ගන්නේ විවාහයකට වගේ අත්‍යවශ්‍ය දේකට විතරයි. නම් දරපු රත්තරන් බඩු කඩවලට නම් අපිට වඩා බිස්නස් තියනවා. 
එයාලගේ නම් ප්‍රසිද්ධ නිසා මිනිස්සු රත්තරන් ගන්න ඒවට වැඩියෙන් යනවා. මිනිස්සුන්ගේ මතයකුත් තියනවනේ ඒවගේ තියෙන්නේ හොඳ රත්තරන් කියලා. ඒ නිසා අපි වගේ සාමන්‍ය රත්තරන් බඩු කඩවලට වෙළෙඳාමක් නෑ. හරි අමාරුවෙන් අපි මේ වෙළෙඳාම කරගෙන ඉන්නේ. අඩුම ගානේ සේවකයෙක්වත් නෑ. මම තනියම මේක කරන්නේ. මේ තියන තත්වේ එක්ක සේවකයන්ටත් පඩි ගෙවන්න අමාරුයි. 

Q: බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න එකම හේතුව තමයි රත්තරන් මිල වැඩි එක. කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 221,000 ක් පමණ වෙනවා. කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 203,000 ක් පමණ වෙනවා. 

එච්චර ගාණක් දීලා රත්තරන් මිලදී ගන්න පාරිභෝගිකයන්ට අමාරුයි. රත්තරන් මිලේ අඩු වීමක් වෙයි කියලත් කියන්න බෑ. මිනිස්සු ඉන්නේ ආර්ථික අපහසුතා මැද. කන්න බොන්න බඩු ටික ගන්නත් අමාරු කාලේ රත්තරන් ගන්න මිනිස්සු එන්නේ නෑ. 

තියන රත්තරන් බඩුත් උකස් තියනවා ඇරෙන්න. මනුස්සයකුට රත්තරන් මිලදී ගන්න පුළුවන් මිලකට අඩු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට වෙළෙදාමක් කරගන්න පුළුවන් වෙන්නේ.

ශෂිකා අබේරත්න


ඡායාරූපය - ඉසුරු පෙරේරා



අදහස් (0)

මේ දවස්වල බිස්නස් අඩුයි ඉස්සරහට මොනවා වෙයිද දන්නෑ

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site