 
 
කුමාර වීදියේ ස්ටාර් ගැලරි ආයතනයේ ව්‍යාපාරික බෂීර් අහමඩ්
වෙනස් වන බිස්නස්වල තතු සොයා බැලීමට මෙවර අප ගියේ පිටකොටුව වෙළෙඳ ප්‍රදේශයටයි. එහිදී කුමාර වීදියේ ඇති ආභරණ අලෙවිසැලක් වන ස්ටාර් ගැලරි ආයතනයේ ව්‍යාපාරික බෂීර් අහමඩ් මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද? 
මේ දවස්වල නම් බිස්නස් හොඳටම හොඳයි. අපෙන් ජුවලරි මිලදී ගන්නම පුරුදු වෙලා ඉන්න කස්ටමර්ස්ලා ඉන්න නිසා බිස්නස් හැමදාම එක වගේ තියනවා. අපේ කඩේ ශාඛා කීපයක් තියන නිසා බිස්නස් අපිට නම් හොඳයි. 
බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?
අපේ කඩේ භාණ්ඩවල මිල අනිත් කඩවලට සාපේක්ෂව අඩුවීම නිසා තමයි අපේ බිස්නස් වැඩිවීමට බලපාන මූලිකම හේතුව. තොග විදිහට අපි ජුවලරි අයිටම් ඩිස්කවුන්ට් සමග ලබා දෙන නිසා පාරිභෝගිකයේ අපෙන්ම භාණ්ඩ ලබාගන්න පුරුදු වෙලා ඉන්නවා. ගොඩක්ම අපෙන් ජුවලරි මිලට ගන්නෙ වෙළෙඳසැල් කරන ව්‍යාපාරිකයෝ. ව්‍යාපාර කරන හැමෝම තමන්ගෙ ව්‍යාපාරයෙන් හොඳ ලාබයක් ගන්න කැමැති නිසා අඩු මිලට අපෙන් ජුවලරි මිලදී ගන්නවා.
 දිනෙන් දින පාරිභෝගිකයෝ වැඩියෙන් එන නිසා අපේ බිස්නස් සරුයි. ඉන්දියාව, චීය, බැංකොක්, තායිලන්තය වගේ රටවලින් ගෙන්නන උසස්ම ජුවලරි පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ලබාදෙන නිසා දවසින් දවස අපේ බිස්නස් වැඩි වෙනවා. අපෙන්ම ජුවලරි ගන්න පුරුදු වුණ පාරිභෝගිකයෝ හරහා මේ කඩේ ගැන දැනගෙන තමා ගොඩක්ම පාරිභෝගිකයෝ අපෙන් ජුවලරි ගන්න හුරුවෙන්නේ. මෙතන සේවකයෝ පාරිභෝගිකයන්ට සේවය ලබා දෙන ක්‍රමයත් බිස්නස් වැඩිවීමට බලපාන බව මම හිතනවා. සීසන් කාලවලදී අපේ බිස්නස් තවත් වැඩිවෙනවා. ඉදිරියේදී එන නත්තල් කාලයත් සමග හොඳට බිස්නස් කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
චතුමාලි විජේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා
මේ දවස්වල නම් බිස්නස් හොඳටම හොඳයි