බිස්නස් කියන එක කාලයෙන් කාලයෙන් අඩු වෙනවා වැඩි වෙනවා. ඒක තමයි බිස්නස්වල ස්වභාවය. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස් සරුවටම තියනවා.
කුමාර විදියේ ෆැෂන් බෑග්හි ව්‍යාපාරික අබ්දුල් හාෆීල්
බිස්නස්වල තොරතුරු සොයා බැලීමට මෙවර අප ගියේ පාරිභෝගික පැමිණීම බහුල පිටකොටුව වෙළෙඳ කලාපයටයි. එහිදී කුමාර විදියේ ඇති ෆැෂන් බෑග් වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික අබ්දුල් හාෆීල් මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස් කියන එක කාලයෙන් කාලයට අඩු වෙනවා වැඩි වෙනවා. ඒක තමයි බිස්නස්වල ස්වභාවය. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස් සරුවටම තියනවා. මිනිස්සු කොහොමත් බෑග් වර්ග මිලදි ගන්නවානෙ. කලාතුරකින් මිලදී ගත්තත් මිල ගණන් අඩු වීම නිසා අපේ බිස්නස් වැඩියි. ඩිස්කවුන්ට් වැඩි නිසා පාරිභෝගිකයෝ වැඩියෙන් අපේ නිෂ්පාදන මිලදී ගන්නවා.
බිස්නස් වැඩි විමට බලපෑ හේතු මොනවාද?
අපෙ කඩෙන් පාරිභෝගිකයන්ට දෙන ඩිස්කවුන්ට් තමයි බිස්නස් වැඩිවීමට බලපාන්නේ. අනිත් වෙළෙඳසල්වලට සාපේක්ෂව අපේ කඩේ මිල ගණන් අඩු වීමත් බිස්නස් වැඩිවීමට බලපානවා. ලංකාව තුළ නිෂ්පාදිත බෑග් වර්ග සහ විදේශ රටවලින් ආනයනය කරන බෑග් වර්ගත් අපි විකුණනවා. විදේශීය වටිනාකමින් වැඩි බැග් පාරිභෝගිකයන්ට ගත හැකි මිලට ලබාදීම නිසාත් අපේ බිස්නස් වැඩි වෙනවා.
අපේ මේ වෙළෙඳසලට අමතරව ඔන්ලයින් ක්‍රමයටත් අපි බිස්නස් කරනවා. ගොඩක් දුර ඉන්න පාරිභෝගිකයන්ට ඔන්ලයින් ඕඩර් කරලා බෑග් ගන්න පුළුවන් වීමත් අපේ බිස්නස් වැඩිවිමට බලපානවා. අවුරැදු කාලයට හා දෙසැම්බර් කාලයේදි අපේ බිස්නස් වෙනදාටත් වඩා වැඩිවෙනවා. පාසල් බෑග් නිසා තමයි අපේ බිස්නස් ගොඩක්ම වැඩිවෙන්නේ. බෑග්වලට අමතරව අපි ආනයනය කරන කාන්තා මුදල් පසුම්බි විකුණනවා. ඉහළ සන්නාමවලින් යුතු මුදල් පසුම්බි හා බෑග් සහනදායි මිලට පාරිභෝගිකයන්ට ලබාගන්න හැකි නිසා අපේ බිස්නස් සරුවට කරගන්න පුළුවන්.
චතුමාලි විජේරත්න
ඡායාරූප | ඉසුරු පෙරේරා
මේ දිනවල බිස්නස් සරුවට තියෙනවා