IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්ට “ඒ ශ්‍රේණියේ”‍ සම්මානය

විමුක්ති එස් රුද්‍රිගු

මෙම වසරේ වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ”‍ඒ ශ්‍රේණියේ”‍ සම්මානය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනැමුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) ප්‍රකාශ කළේය.

විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ව හමුවේ මහ බැංකුව ලබාදුන් නායකත්වයට ඇගයීමක් වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට මෙම සම්මානය හිමිවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. එසේම ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගිය 13 සිට 18 වැනිදා දක්වා වොෂිංටන් නුවර පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට සහභාගී වූ බවත් එහිදී ඉහළ මට්ටමේ ද්වී පාර්ශ්වික සහ බහු පාර්ශ්වික සාකච්ඡා මාලාවකට නියෝජිත පිරිස සහභාගී වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

එම සාකච්ඡාවලදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව, ලෝක බැංකු සභාපති මුණගැසුණු බවත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලෝක බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණ ගැසී සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. එහිදී එම ආයතනවල නියෝජිතයන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා ප්‍රතිසංස්කරණට සහයෝගය පළ කළ බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්ට “ඒ ශ්‍රේණියේ”‍ සම්මානය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site