නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමට ආයතනයක් තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව, අදාළ ප්‍රසම්පාදනය සඳහා ද්විත්ව අදියර ලංසු තැබීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා ඇති අතර, ආයතන හතරක් අභිලාෂ ප්‍රකාශ කිරීම ඉදිරිපත් කර තිබේ.
එකී අභිලාෂ ප්‍රකාශ කිරීම් ඇගයීමේ ක්‍රියාවලියෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ සුදුසුකම් සපුරා තිබූ Giesecke & Devrient Asia Pacific Limited, Hong Kong වෙතින් යෝජනා කැඳවා ඇත. 
එම ආයතනය විසින් ඉදිරිපත් කරන ලද තාක්ෂණික සහ මූල්‍ය යෝජනා ඇගයීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් කටයුතු වැඩිදියුණු කිරීමේ ප්‍රසම්පාදනය එකී ආයතනය වෙත පිරිනැමීම ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. එකී නිර්දේශය මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය Giesecke & Devrient Asia Pacific Limited, Hong Kong ප්රදානය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මහ බැංකුවේ ව්‍යවහාර මුදල් මෙහෙයුම් වැඩිදියුණු කිරීම Giesecke & Devrient Asia Pacific, Hong Kong සමාගමට