IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මොහොමඩ් ඉම්රාන් ආසිරි සර්ජිකල් - හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ


සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී සහ ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මොහොමඞ් ඉම්රාන් මහතා පත් කරගත් බව එම සමාගම් නිවේදනය කර සිටියි. 

ඒ අනුව සමාගම් දෙකෙහිම ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස ඒ මහතා පත් කර තිබේ. අප්‍රේල් 21 සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. ඉම්රාන් මහතා ඔස්ට්‍රේලියාවේ Tresync සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඒ මහතා ක්‍රමෝපාය, වෙළෙඳ පොළ පුළුල්කරණය මෙන්ම භූදේශපාලනය, ආර්ථිකය, දේශගුණය සහ තාක්ෂණික අවදානම් කළමනාකරණය යන කාරණා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩල වෙත සහ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත උපදෙස් දීමේ නිරත වන බවත් පැවසෙයි. විශේෂයෙන්ම ඒ මහතා සතුව වෛද්‍ය සේවා සංචරණය (මෙඩිකල් ටුවරිසම්) සම්බන්ධයෙන් උනන්දුවක් පවතින බවත් සමාගම සඳහන් කරයි. අද වනවිට ඒ මහතා සොෆ්ට්ලොජික් සමූහයට අයත් ඔඩෙල් පීඑල්සී සමාගමෙහිද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. 

 



අදහස් (0)

මොහොමඩ් ඉම්රාන් ආසිරි සර්ජිකල් - හොස්පිටල් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site