IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


මහජන බැංකුව සහ Union Pay International ජාතික කාඩ්පත් හඳුන්වාදිමට අත්වැල් බැඳගනී


ශ‍්‍රී ලංකාවේ  ප‍්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ ඩිජිටල් මූල්‍ය සේවා හා මුදල් රහිත ගනුදෙනු ප‍්‍රචලිත කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන අතර, තවත් ඉදිරි පියවරක් තබමින් ලොව ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ගෝලීය ගෙවීම් ජාලයක් වන UnionPay International (UPI) සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම පසුගියදා කොළඹ 02, People’s Tower හිදි මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප‍්‍රනාන්දු සහ China Union Pay සභාපති ඩොන්ග් ජුන්ෆෙන්ග් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 

මෙම අවස්ථාවට ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ නිලධාරිහු එක්ව සිටියහ. ශ‍්‍රී ලාංකිකයන් අතර, ඩිජිටල් භාවිතය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරිම සඳහා වන රජයේ වැඩපිළිවෙළට සමගාමිව මෙය සිදුකෙරිණි.

මේ යටතේ, මහජන බැංකුව Lanka Pay - Union Pay සම සන්නාමගත ජාතික කාඩ්පත ඇතුළුව Union Pay කාඩ්පත් නිකුත් කිරීමට බැංකුව කටයුතු කරනු ඇත. ඒ තුළින් ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත, පහසු හා දැරිය හැකි ගෙවීම් විසඳුම් ලබාදීමට අවස්ථාව සැලසේ.



අදහස් (0)

මහජන බැංකුව සහ Union Pay International ජාතික කාඩ්පත් හඳුන්වාදිමට අත්වැල් බැඳගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site