IMG-LOGO

2026 මාර්තු මස 27 වන සිකුරාදා


මහජන බැංකුවේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය දා

මහජන බැංකුව කිතුනු එකතුව 47 වැනි වරටත් සංවිධානය කරන ලද නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගියදා කොළඹ 02, People’s Tower හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මහජන බැංකුවේ කොළඹ, පුත්තලම, කළුතර හා යාපනය ප්‍රාදේශිකයන්හි කාර්ය මණ්ඩල මෙහිදී කැරොල් ගී ගායනා ඉදිරිපත් කළහ.  
කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ. ඩී. ඇන්තනී ජයකොඩි රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කැරොල් ගී ප්‍රසංගයට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රාධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ බැංකු කාර්යමණ්ඩලය සමඟ  සිය පවුල්වල සාමාජික සාමාජිකාවන් ද විශාල පිරිසක් සහභාගි වූහ. 
මෙය අවසානයේදී කුඩා දරු දැරියන් වෙත නත්තල් සීයා අතින් තෑගි පිරිනැමීමද සිදු කෙරිණි.



අදහස් (0)

මහජන බැංකුවේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය දා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site