IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


මහජන බැංකුව තෛපොංගල් උත්සවය සමරයි



තෛපොංගල් උත්සවය වෙනුවෙන් මහජන බැංකුව සංවිධානය කළ උත්සව මාලාවේ ප‍්‍රධාන සැමරුම් උත්සව කොටහේන සහ පිටකොටුව ශාඛාවලදී මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රටට, ජනතාවට, ගනුදෙනුකාර භවතුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයට ද ආශිර්වාද පතා මෙහිදී විශේෂ හින්දු පූජා පැවති අතර, මෙම අවස්ථාවලට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්යමණ්ඩල සමාජික සමාජිකාවන් සහ ගනුදෙනුකාර භවතුන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

මීට සමගාමිව හින්දු ජනතාව බහුලව වෙසෙන ප‍්‍රදේශවල මහජන බැංකු ශාඛා මෙදින විවෘතව තැබිණි.



අදහස් (0)

මහජන බැංකුව තෛපොංගල් උත්සවය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site