IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්

  • රුපියල් බිලියන 205කට අධික වටිනාකමක්

මහජන බැංකුව, අප්‍රේල් මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා වූ අලුත් අවුරුදු කාල සීමාව තුළ රුපියල් බිලියන 205කට අධික වටිනාකමකින් යුත් මිලියන 14.5කට අධික ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කරමින් යළිත් වරක් සිය ඩිජිටල් බැංකුකරණයේ ශක්තිය පෙන්නුම් කර තිබේ.
මහජන බැංකුව, ශාඛා හා සේවා මධ්‍යස්ථාන 751 කින් සහ ATM,CDM  හා CRM යන්ත්‍ර 1,150කට අධික පුළුල් ජාලය ඔස්සේ සිය ගනුදෙනුකරුවන්ට අසමසම සේවාවක් පිරිනමයි. එමෙන්ම එහි People’s Wave App, People’s Wyn Apps සහ People’s Pay Digital Wallet app යන යෙදවුම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රය නව මානයක් කරා රැගෙන යාමට සමත් වී තිබේ. මේ වනවිට මිලියන 2.3ක අධික සක්‍රිය පරිශිලකයන් පිරිසක් People’s Wave යෙදවුම බාගත කර ඇති අතර, 50කට වැඩි විවිධ මූල්‍ය ගනුදෙනු සේවා සංඛ්‍යාවක් සහ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් බැංකු සේවා ඉටු කරගැනීමට හැකියාව ලබාදෙන නවීන බැංකු පහසුකම් රැසක් ද මෙම සේවාවෙහි අන්තර්ගත වේ.



අදහස් (0)

මහජන බැංකුවෙන් අවුරුදු සමයේදී ගනුදෙනු මිලියන 14.5 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site