IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


මාසයකට කලින් අගයට වඩා ඒකක දහසක් පිටුපසින්

කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී මාසයකට කලින් තිබුණ මෙතෙක් වාර්තා කරන ලද ඉහළම දර්ශකය එනම් සියලු කොටස් මිල ඒකක 23,763 සනිටුහන් කර මාසයකට පසු අද වන විට සියලු කොටස් මිල ඒකක දහසක අගයක් පහත වැටී ඇති බව දැක්වේ. එදිනට සාපේක්ෂව අද වනවිට රුපියල් බිලියන 44 ක මුදලක් වෙළෙදපොළ ප්‍රාග්ධනයෙන් ඉවත්කරගෙන තිබේ. විශේෂයෙන් විදේශ සහභාගීත්වය කැපී පෙනෙන සේ පහත වැටී ඇත. එම ස්වභාවය ඉදිරියේ පවා ක්‍රමයෙන් දේශීය ගනුදෙනු යුහුසුළුවන අතර ක්‍රමයෙන් නැවත පිබිදීමක් කරා සමීප වන බවක් නිරීක්ෂණය කළ හැකිය. ඉදිරි දින කිහිපය තුළ සලකුණු කරන මිල දී ගැනීමේ ප්‍රවණතා අනුව නැවතත් සුපුරුදු රිද්මයට ඇතුළුවනු ඇතැයි විශ්වාස කෙරේ.
අවාසි සහගත දින ගණන පසුකර ඇති අතර පසුගිය දින ගණන තුළ පැවැති දර්ශක බිඳවැටීම් සැලකිය යුතු ප්‍රතිශතයකින් ආවරණය වී තිබේ. ඉකුත් සිකුරාදා ගනුදෙනු අවසන් වන විට උච්ඡාවචන ගණනාවකට පසු කලින් දිනයට සාපේක්ෂව ප්‍රගතියක් සනිටුහන් කරමින් අවසන් වූ බව සඳහන් කළ හැකිය. කෙසේ වෙතත් අලුත් සතියක මිල දී ගැනීමේ අපේක්ෂාව සහිත පිරිස් ගනුදෙනුවලට අවතීරණ වී සිටියේ නැත. ගනුදෙනු ගණන හා හුවමාරු වූ කොටස් ප්‍රමාණය සීමාසහිත තැනකට පත්ව තිබුණි. අද දිනයේ දී ඉසුරුමත් සමාගම්වල කොටස් කෙරෙහි වැඩි අවධානයක් ඇති විය හැකිය. සන්නිවේදන, වානිජ බැංකු හා රක්ෂණ කොටස් සඳහා අවධානයක් එල්ලවීමට ඉඩ තිබේ. 
විදේශික ආයෝජන අංශ කොටස් විකිණීමට තීරණය කර තිබිය දී මෙම වර්ධනය වැදගත් සන්ධිස්ථානයක් බව දැක්විය හැකිය. පසුගිය සතියේ අවසන් දින දෙක තුළ විදේශ ආයෝජකයන් රු. මිලියන 217 ක ප්‍රමාණයක් මෙරටින් බැහැර කරගෙන තිබුණි. ඉකුත් සිකුරාදා (දෙසැ.12) රු. මිලියන 118.4 ක කොටස් මිල දී ගෙන තිබුණ අතර විකිණීම් රු. මිලියන 184.3 ක් බව සඳහන්ය. 
එදින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,459.28 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 36.85 ක වර්ධනයකි.  
නිරීක්ෂක



අදහස් (0)

මාසයකට කලින් අගයට වඩා ඒකක දහසක් පිටුපසින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site