×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
මුල් මාස 11 තේ නිෂ්පාදනය කිලෝ මිලියන 242 ඉක්මවයි
කතෘ මණ්ඩලය 2025 දෙසැම්බර් මස 29
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
2024 වසර හා සැසඳීමේදී සියයට 0.70ක ඉහළ යාමක්
භානුක අමරසිංහ
2025 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 242.57ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ කිලෝ මිලියන 240.88ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී තේ කිලෝ මිලියන 1.69 ක එනම් සියයට 0.70ක ඉහළ යාමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes and Walker පවසයි.
මෙහිදී 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ එම කාලසීමාවේදී සියලුම වගා මට්ටම්වල තේ නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ.
ඒ අනුව උස් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 49.96ක සිට කිලෝ මිලියන 50.55ක් දක්වා සියයට 1.18කින්ද, මැදි වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 42.69ක සිට 43.48 ක් දක්වා සියයට 1.85කින්ද, පහත් වගා බිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 146.15 ක සිට 146.39ක් දක්වා සියයට 0.17කින්ද ඉහළ ගොස් තිබේ.
එසේම ග්‍රීන් ටී නිෂ්පාදනය කිලෝ මිලියන 2.07 ක සිට 2.13ක් දක්වා සියයට 3.17කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර, පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 21.45ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ නොවැම්බර් මාසයේදී වාර්තා වූ කිලෝ ග්‍රෑම් මිලියන 22.73ක තේ නිෂ්පාදනය හා සැසඳීමේදී කිලෝ මිලියන 1.28 ක එනම් සියයට 5.62ක අඩුවීමක් බව Forbes and Walker සඳහන් කරයි.
අදහස් (0)
මුල් මාස 11 තේ නිෂ්පාදනය කිලෝ මිලියන 242 ඉක්මවයි
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
මුල් මාස 11 තේ නිෂ්පාදනය කිලෝ මිලියන 242 ඉක්මවයි