×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
මුල් මාස 09 දී විදුලි බල මණ්ඩලයට රු.බි. 9.58ක අලාබයක්
කතෘ මණ්ඩලය 2025 නොවැම්බර් මස 19
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
2024 වසරේ එම කාලසීමාවේදී රු.බි. 143.79ක ලාබයක් වාර්තා කළා
මේ වසරේ මුල් මාස 09 දී මණ්ඩලයේ විකිණුම් පිරිවැය රුපියල් බිලියන 319.60ක්
මේ වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මුල් මාස 09 ක කාලය තුළදී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 9.58 ක අලාබයක් වාර්තා කර තිබේ. මෙය 2024 වසරේ එම කාල සීමාවේදී වාර්තා කළ රුපියල් බිලියන 143.79ක ලාබය හා සැසඳීමේදී සියයට 107ක අඩුවීමක් ලෙස සටහන් වෙයි.
පසුගියදා නිකුත් කෙරුණු ලංකා විදුලි බල මණ්ඩලයේ මුල් මාස 09 සඳහා වන අතරමැදි මූල්‍ය වාර්තාව තුළ මේ පිළිබඳව සටහන්ව තිබේ.
මෙම කාල සීමාවේදී විදුලි බල මණ්ඩලය මගින් රැස් කරගෙන ඇති ආදායම රුපියල් බිලියන 311.46 කි. එය 2024 වසරේ රැස් කරගත් රුපියල් බිලියන 435.20 හා සැසඳීමේදී සියයට 28ක අඩුවීමකි. මෙහිදී මණ්ඩලයේ විකිණුම් පිරිවැය රුපියල් බිලියන 319.60ක් වන අතර එය පසුගිය වසරේ වාර්තා වූ රුපියල් බිලියන 317.99 ට සාපේක්ෂව සියයට 1ක ඉහළ යාමකි.
ඒ අනුව 2025 වසරේ මුල් මාස 09 තුළ ලංකා විදුලි බල මණ්ඩලය හිමි කරගෙන ඇති දළ අලාබය රුපියල් බිලියන 8.13 ක් ලෙස සටහන්ව තිබේ.
මේ අතර සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ තෙවැනි කාර්තුවේදී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 3.58 ක ලාබයක් වාර්තා කර ඇත. එය පසුගිය වසරේ එම කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 24.58 ක ලාබය හා සැසඳීමේදී සියයට 85ක අඩුවීමකි.
මෙම කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 118.91ක ආදායමක් හිමි කරගෙන ඇති අතර, එය 2024 වසරේ එම කාර්තුවේදී රැස් කරගත් රුපියල් බිලියන 120.81 හා සැසඳීමේදී සියයට 2ක අඩුවීමකි.
එසේම මේ වසරේ තෙවැනි කාර්තුවේදී මණ්ඩලයේ විකිණුම් පිරිවැය රුපියල් බිලියන 115.86ක් වන අතර එය පසුගිය වසරේ වාර්තා කළ රුපියල් බිලියන 103.34ක විකිණුම් පිරිවැයට සාපේක්ෂව සියයට 12ක ඉහළ යාමකි.
මේ අතර 2025 මුල් මාස 09 තුළදී ලංකා විදුලි බල මණ්ඩල සමූහය රුපියල් බිලියන 9.77ක අලාබයක් වාර්තා කර ඇති අතර, එය 2024 වසරේ එම කාලසීමාවේදී සමූහය වාර්තා කළ රුපියල් බිලියන 151.93 ක ලාබය හා සැසඳීමේදී සියයට -106ක අඩුවීමකි.
අදහස් (0)
මුල් මාස 09 දී විදුලි බල මණ්ඩලයට රු.බි. 9.58ක අලාබයක්
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
මුල් මාස 09 දී විදුලි බල මණ්ඩලයට රු.බි. 9.58ක අලාබයක්