IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


මුල් මාස හතේ ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 5 ඉක්මවයි

  • වසරින් වසර සැසඳීමේදී සියයට 21.4 ක වර්ධනයක් 

202‍6 වසරේ ජනවාරි සිට ජූලි දක්වා මුල් මාස හතක කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයන් හරහා ලැබුණු ප්‍රේෂණ මුදල්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 5,382 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ මුල් මාස හතේදී ලැබුණු ඩොලර් මිලියන 4,435 හා සැසඳීමේදී සියයට 21.4 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. 
මහ බැංකුව පසුගියදා නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකයේ මෙම කරුණු ඇතුළත්ව තිබේ. 
ජූලි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 777.6 ක ප්‍රේෂණ ආදායම් සමගින් වසරේ මෙම ආදායම් සටහන්ව ඇත. එසේම මෙය 2025 ජුලි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 697.3 ක ප්‍රේෂණ ආදායම හා සැසඳීමේදී සියයට 11.51 ක වර්ධනයකි. 
කෙසේ වෙතත් මෙම විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ මුදල් අතර වෙනත් ප්‍රේෂණද පවතින බවත්, දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ලැබුණු මුදල්ද ඒ අතර වන බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

 



අදහස් (0)

මුල් මාස හතේ ප්‍රේෂණ ආදායම ඩොලර් බිලියන 5 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site