ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 282,000ක්
භානුක අමරසිංහ
2025 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මුල් මාස නවයක කාලයේ දී මෙරට මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 282,000ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ මෙට්‍රික් ටොන් 312,000 හා සැසඳීමේදී සියයට 9.65 ක අඩුවීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ ඔක්තෝබර් මාසය සඳහා වන කෘෂිකාර්මික දත්ත විවරණිකාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
ඒ අනුව මෙම වසරේ එම කාලය තුළදී සමුද්‍රීය මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 237,000ක් වන අතර, එය පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වාර්තා කළ මෙට්‍රික් ටොන් 229,000 හා සැසඳීමේදී සියයට 3.37ක ඉහළ යාමකි.
කෙසේ වෙතත් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මේ වසරේ දී මෙට්‍රික් ටොන් 44,000ක් වන අතර, එය පෙර වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ මෙට්‍රික් ටොන් 83,000 හා සැසඳීමේදී සියයට 46.9 ක අඩුවීමකි.
මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ දී සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 31,900 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ මෙට්‍රික් ටොන් 36,300 හා සැසඳීමේදී සියයට 12.2ක අඩුවීමකි.
මුල් මාස නවයේදී මත්ස්‍ය නිෂ්පාදනය සියයට 9.65කින් පහළට